to-add

කෙමරූජ් භිෂණය : කාම්බෝජයේ කොමුනිස්ට් විප්ලවය

පළමු කොටස

කෙමරූජ් භීෂණය සෑම දේශපාලනඥයෙකුට හා දේශපාලනයට අවතීර්ණ වීමට අදහස් කරන පුද්ගලයන් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියකි. සමාජය හා ආර්ථීක ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන අන්තවාදය හෝ ආගමික මූලධර්මවාදය යොදා ගැනීම මගින් රටක අධ්‍යාත්මය කොතෙක් දුරට විනාශ කළ හැකිද යන්න කෙමරූජ් භීෂණය විසින් පෙන්වා දෙයි.



වෛද්‍ය රුවන් එම් ජයතුංග

කෙමරූජ් භිෂණය


"කම්පුචියාව යන රට තිඛෙන්නේ කොතැනකද යන්න මම තවම නොදනිමි", යන මේ ප්‍රකාශය කරන ලද්දේ සුප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ මෙන්ම ඉතිහාසඥයෙකු වන වින්සන්ට් චර්චිල් විසිනි.

අප්‍රකට කම්පුචියාව පසුකලෙකදී මුළුලෝකයේම ප්‍රසිද්ධියට පත් රටක් විය. ඒ පොල්පොට් හා "මරණයේ ගොවිබිම්" නිසාය. 1975 වර්ෂයේදී බලයට පැමිණි පොල්පොට්ගේ නායකත්වයෙන් යුත් කෙමරූජ්වරු (ණයපැර ඍදමටැ - රතු කම්පුචියානුවන්) කම්පුචියාව පාළනය කළේ මාස 44 වැනි කෙටිකාලයකි. ඒ කාලය ඇතුළත ශතවර්ෂ ගණනාවක් පවතින විනාශයක් ඔව්හු කම්පුචියාව තුළ සිදු කළහ.

අන්තවාදීන් සුළු පිරිසකට රටකට කළ හැකි උපරිම විනාශය පිළිබඳව පෙන්වා දියහැකි හොඳම උදාහරණය කම්පුචියාව මගිනි. ඔව්හු රටේ ආර්ථීකය, සංස්කෘතිය හා අනාගතය විනාශ කළහ. කෙමරූජ්වරු ගිය මගෙහි ඔවුන්ගේ ධ්‍රැවගත මනස් දුටුවේ ද්‍රෝහියන් පමණකි. ඔවුන් ද්‍රෝහියන් ලෙස නම්කොට මුළු ජනගහණයෙන් 1/3 විනාශ කර දමන ලදී. අවසානයේදී කම්පුචියාවේ ඉතිරිවූයේ ඇටසැකිළි හා හිස්කබල් පමණි. කෙමරූජ්වරු රටේ අධ්‍යාත්මය විනාශ කොට දමන ලදී. මේ වනවිට කම්පුචියාවේ ජනගහනයෙන් 43% ක් ජීවත් වනුයේ අන්ත, අසරණ, දුගී ජීවන මට්ටමකිනි. ඔවුන් කම්පුචියාවට කළ විනාශයේ දෝංකාරය තව ශතවර්ෂ ගණනාවකටත් වඩා පවතිනු ඇත.

කම්පුචියාවේ ඉතිහාසය

පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 4200 යුගයේ සිට කම්පුචියාවේ ජනාවාස පැවතින. නියොලිතික යුගයට අයත්වූ මොවුන් සංක්‍රමණය වූයේ දකුණු චීනයෙනි. 9 වන සියවසේ සිට 13 වන සියවස දක්වා පැවති ණයපැර අධිරාජ්‍යය කම්පුචියාවේ ස්වර්ණ යුගයයි. හත්වන ජයවර්මන් රජු සමයේ කම්පුචියාව සුවිසල් දියුණුවක් ලැබීය. එසේම ඔව්හු අසල්වැසි රාජ්‍යයන්ද ආක්‍රමණය කළෝය.

ඇන්කෝර් ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් සමඟම කම්පුචියාවට උදාවූයේ අඳුරු සමයකි. 15 වන සියවසේ සිට 19 වන සියවස දක්වා කම්පුචියාවේ දේශසීමා අසල් වැසි රාජ්‍ය මගින් කොල්ලකනු ලැබීය. බුරුමය හා වියට්නාම් ආක්‍රමණ නිසා කම්පුචියාවේ අවනතියක් ඇතිවිය.

1863 දී නරෝඩොම් රජු ආක්‍රමණ වලින් බේරීමේ උපක්‍රමයක් ලෙස ප්‍රංශය සමඟ ගිවිසුමකට එළඹියේය. මෙම ගිවිසුම උපයෝගි කරගත් ප්‍රංශය කම්පුචියාව සිය යටත් විජිතයක් කරගනු ලැබීය. දෙවන ලෝක මහායුද්ධයෙන් පසුව ප්‍රංශ යටත් විජිත වාදයෙන් මිදෙනු වස් සිහනුක් රජු ජිනීවා සාකච්ඡා හරහා කම්පුචියාව නිදහස් කරගැනීමට මූලික පියවර ගත්තේය.

1953 ඔක්තෝම්බර් මාසයේ සිහනුක් රජු කම්පුචියාව නිදහස් රටක් බවට ඒකපාර්ශිකව ප්‍රකාශ කළේය. 1950 සිට 1960 දක්වා කම්පුචියාවේ පැවතියේ විදේශ මැදහත්වීම් වලින් තොර දශකයකි. එහෙත් කම්පුචියාවේ ඇතැම් ප්‍රාන්තවල උතුරු වියට්නාම් හමුදා මධ්‍යස්ථාන ඇතිකරන ලදී. මෙම මධ්‍යස්ථාන මගින් දකුණු වියට්නාම් හමුදාවලට එරෙහිව ප්‍රහාර දියත් කරන ලදින් 1969 දී දකුණු වියට්නාමයේ එක්සත් ජනපද අරක‍ෂාව සහිතව මාස 14 කාලයක් කම්පුචියාවේ උතුරු වියට්නාම් හමුදා මර්මස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් රැසක්ද මරු දුටුහ.

උතුරු හා දකුණු වියට්නාම් අර්බුදයට මැදිවීමට සිහනුක් රජු අකමැති වුවද භූගෝලීය සාධක මත උතුරු වියට්නාමයට කම්පුචියාවේ දේශසීමා අරක්ෂක භූමියක් විය. එම නිසා ඔවුහු වියට්නාම්, කම්පුචියා දේශසීමා පවා උල්ලංඝනය වන අකාරයෙන් තම හමුදා මෙහෙයුම දියත් කළහ, මේ හේතුවෙන් දකුණු වියට්නාමයේ හා එක්සත් ජනපදයේ ප්‍රහාර වලට කම්පුචියාව ද ලක්විය. එක්සත් ජනපදය දුටුවේ සිහනුක් රජු උතුරු වියට්නාම් රජයට සහය දෙන්නකු ලෙසට ය. එම නිසා ක්ෂමා සංවිධානය සිහනුක් රජු බලයෙන් පහ කිරිම සඳහා පිඹුරුපත් සැකසුහ.

මේ යුගයේ දී සොන් සෙන්, ඉයෙංසාරි පොල්පොට් වැන්නවුන් සිහනුක් රජයට එදිරිව ක්‍රියා කළහ. දෙස් විදෙස් මැදිහත් වීම නිසා සිහනුක් කුමරුගේ බලය පිරිහෙන්නට පටන් ගත්තේය. ජෙනරාල් ඛදබ භදක කම්පුචියාවේ නව රජයක් පිහිටුවිය. අවුල් වියවුල් වලින් ගහන වූ මෙම කාලය නිසා ජෙනරාල් ඛදබ භදක ගේ රජය පැවතියේ 1967 දක්වා පමණි. 1968 හා 1969 වසර වල රජයට එරෙහි ගරිල්ලා ප්‍රහාර දැඩිවිය. 1970 වන විට සිහනුක් රජු වෛද්‍යහේතූන් මත රටහැර ගියේය.

1970 දී ඇමෙරිකානු ක්ෂමා සංවිධානයේ ආධාර ඇතිව ජෙනරාල් ඛදබ භදක කුමන්ත්‍රණයක් දියත් කොට කම්පුචියාවේ බලය අල්ලා ගැනීමට ක්‍රියා කළේය. 1970 ඔක්තෝම්බර් 9 වන දින කම්පුචියාවේ රාජ වංශය අහෝසි කරනු ලැබීය. උතුරු වියට්නාමයේ බලය බිඳිනුවස් අමෙරිකාව කම්පුචියාවේ නව රජයට ආධාර කළේය. මෙම ආධාර සමන්විත වූයේ යුධ අවි හා යුධ තාක්ෂණයෙනි.

දකුණු වියට්නාම් හමුදා හා ඇමෙරිකානු යුධ උපදේශකයන් 1970 වන විට කම්පුචියාවේ රැඳී සිටිමින් උතුරු වියට්නාමයට එදිරිව සටන් කළහ. මෙය ජනාධිපති නික්සන් පවා පසුව පිළිගන්නා ලදී.

මෙම ගැටුම පවතින විට පොල්පොට් තම ගරිල්ලන් මගින් ඛදබ භදක ගේ රජයට එරෙහිව ප්‍රහාර වැලක් දියත් කළේය. 1973 වන විට පොල්පොට්ගේ නායකත්වයෙන් යුතු කැමරුජ් සංවිධානය කම්පුචියානු භූමියෙන් 60% ක් පාළනය කළහ. 1975 අප්‍රේල් 17 දින ඛදබ භදක ගේ රජය බිඳ වැටුන අතර කැමරුජ් සංවිධානය කම්පුචියාවේ බලය තහවුරු කර ගත්තේය. ඉන් පසුව එළඹුනේ තවත් අඳුරු යුගයකි. භීෂණයෙන් වෙළුන එම කාලයේ දී දහස් දහස් ගණන් ජනතාව වධ බන්ධනයන්ට පත් කරනු ලැබීය. බොහෝ දෙනෙකු මරු දුටුහ.

නරොඩම් සිහනුක් රජු

1945 සිට 1970 දක්වා කම්පුචියාවේ බලය තිබුනේ සිහනුක් රජුට ය. පසුගාමි අදහස් නිසා ද, වැඩ වසම් යුගය තවදුරටත් පවත්වා ගැනීමේ අභිලාශයන් නිසා ද, ජනතාව අතර ඔහු ජනප්‍රිය නායකයකු නොවීය. සිහනුක් කම්පුචියාව පාලනය කළ වකවානුව තුළදී ද රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් විවිධාකාර දූෂණ වල යෙදුනහ. ජනතාව ජීවත් වූයේ දරිද්‍රතාවයේ ගිලෙමිනි.

කොමියුනිස්ට්වාදීන් කෙරෙහි සිහනුක් තුළ තිබූ බිය හා වෛරය නිසා ඔහුගේ රජය නිබඳව ම කොමියුනිස්ට්වාදීන් දඩයම් කළේය. මේ නිසා රහසිගත දේශපාලන ව්‍යාපාරවල යෙදුන පොල්පොට් වැන්නවුන් සිහනුක්ගේ පොලිසියට අසුනොවීම සඳහා නාගරික ප්‍රදේශ වලින් ඔබ්බට පලා ගියහ. සිහනුක්ගේ පාලනය නිසා අගතියට පත් වූ ජන කොටස් මුල් කාලයේ දී පොල්පොට් ට සහය පල කළ බව සැබෑය. ග්‍රාමීය ප්‍රදේශ වල සිට ගරිල්ලා යුද්ධයක නියැලූණු පොල්පොට්ට ගැමි ජනතාව සහය දෙන ලදී.

අසාර්ථක සිසුවා පැරිසියේ ඉබාගාතේ යයි

ඒ 1953 වසරයි. රේඩියෝ කාර්මික ශිල්පය ඉගෙන ගැනීමට පැරිසියට පැමිණි සලොත්සාර් (අනාගත පොල්පොට්) නම් තරුණයා සිටියේ ඉච්ඡාභංගත්වයට පත්විය. විභාග අසමත් වීම නිසා ඔහුගේ අනාගතය අඳුරුය. 1949 දී තරුණයෙකු ලෙස කම්පුචියාවේ (එකල කම්පුචියාව ප්‍රංශ ඉන්දුචීනයේ කොටසක් විය) පැරිසියට පැමිණ ඔහු තුළ අනාගත සිහින රැසක් තිබුණි. දැන් ඒ සෑම සිහිනයක් ම දියවී ගොසිනි. අවිනිශ්චිත අනාගයකට මුහුණ දෙනුවස් තව නොබෝ දිනකින් මවුරට බලා යාමට ඔහුට සිදුවේ.

සලොත් සාර් උපත ලැබුවේ 1925 වසරේදී ය. කුඩා කාලයේ බෞද්ධ ආරාමයක ඉගෙනුම ලැබූ ඔහු ද්විතියික අධ්‍යාපන ලැබුවේ රෝමානු කතෝලික පාසලකය. ඉගෙනීමට දක්ෂකම් දැක්වූ ඔහුට ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට හැකි විය. රේඩියෝ කාර්මික ශිල්පයට ඇළුම් කළ සලොත් සාර් ප්‍රංශයට පැමිණියේ රේඩියෝ කාර්මික ශිල්පය ප්‍රගුණ කරනු සඳහා වුවත් ඔහුට මුණ ගැසුණු මිතුරන් ඔහුව දේශපාලනය කරා කැන්දන් ගියහ. රේඩියෝ කාර්මික ශිල්පය වෙනුවට මාක්ස්වාදය හැදෑරූ ඔහු දේශන අතපසු කළේය. එහි ප්‍රතිඵල ලෙස ඔහු විභාගයෙන් අසමත් විය. එම නිසා ඔහුගේ ශිෂ්‍යත්වය අවලංගු කරනු ලැබීය.


"  පොල්පොට් විශ්වාස කළ පරිදි නාගරික ජීවිතය ප්‍රතිගාමීත්වයෙන් පිරුණු එකකි. මුදල් සංසරණය, භාණ්ඩ මිළඳී ගැනීම, සංස්කෘතිය යන මේ සියල්ලම ප්‍රතිගාමිත්වයේ ලක‍ෂණ ලෙස ඔහු සැලකීය. ජනතාවට විමුක්තිය දෙනුවස් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට ගාල්කළ යුතුය යන සංකල්පය ඔහුට ඇති වූයේ මේ කාලයේ දීය. එය ජෝශප් ස්ටාලින් කලාක් මෙන් අවි බලයෙන් ජනයා සමූහ ගොවිපළවල් වලට පළවා හැරිය යුතුය."

පැරිසියේදී ඔහුට හමුවූ කම්පුචියානු ජාතිකයන් අතරින් ඉයෙං සාරි, කියු සම්පෙන්, කියු පොනරි සහ සොන්සෙං මුල් තැනක් ගත්තේ, ඔවුන් මාක්ස්වාදය කෙරෙහි දැක්වූ භක්තිය නිසාවෙනි. සලොත් සාර් ගේ පැරිසියේ නේවාසිකාගාරයට රැස්වන මෙම පිරිස රෑබෝවන තුරු විප්ලවීය සමාජවාදය ගැන සාකච්ඡා කළහ. කුඩා අඳුරු කාමරයේ එක්රැස් වූ මෙම පිරිස අනාගත කෙමරූජ් රජයේ නායකයන් වනු ඇත.

පැරිසියේදී අධ්‍යාපනය ලැබූ කාලයේ ද ඔහු ප්‍රංශ (ඡ-28) කොමියුනිස්ට්වාදීන් සමඟ ද සබඳතා පැවැත්විය. එහෙත් දැන් සියල්ල අවසන් ය. පැරිසිය තව දුරටත් ඔහුට ජීවත් වීමට සුදුසු භූමියක් නොවේ. ශිෂ්‍යත්වය අවලංගු කිරීම නිසා ඔහුගේ අතේ ඇත්තේ සීමිත මුදලකි. යළි උපන් දේශයට යනු මිසක අනු විකල්පයක් ඔහුට ඉතිරිව නැත.

සවස්වරුවේ ඒ මේ අත ඇවිද ගිය සලොත් සාර් කුඩා අවන්හලකට ගොඩවැදී කෝපි කෝප්පයක් පානය කළේය. ඔහුගේ හිස එක අරමුණක නොවීය. මනාව ඇඳ පැළඳගත් ප්‍රංශ ගැහැණු පිරිමි ඔහුගේ අවධානයට ලක් නොවූ අතර, ඔහුගේ මනස රැඳී තිබුනේ අනාගතයේ දී කළ යුතු කාර්යන් කෙරෙහි ය. එහෙත් ඔහුට නිශ්චිත ඉලක්කයක් නොවීය. තව නොබෝ දිනකින් මව් රට බලා යාමට ඔහු අදිටන් කර ගත්තේය.

ඉතිහාසය හා භූගෝල විද්‍යා ගුරුතුමා

1953 වසරේ පැරිසියේ සිට කම්පුච්යාවට පැමිණි සලොත් සාර් නොහොත් පොල්පොට් පුද්ගලික පාසලක ඉතිහාසය හා භූගෝලය ඉගැන්වීය. ඉගැන්වීමට අමතරව සිසුන්ට ග්‍රහණය කර ගැනීමට හැකි අන්දමේ පෞරුෂයක් ඔහුට හිමි විය. ඒ නිසා ඔහු නිතැතින්ම ජනප්‍රිය ගුරුවරයෙකු විය. 1953 වසරේ දී යටත් විජිත වාදයට හසු වී තිබුණ කම්පුචියාව නිදහස ලැබීය. රට පාලනය කරන ලද්දේ නරදම් සිහනුක් කුමරු විසිනි. රහසිගත දේශපාලනයට අවතීර්ණ වූ පොල්පොට් කාම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය බිහි කළේය. තවමත් කළල තත්වයේ පැවති කොමියුනිස්ට් පක්ෂය පාලකයන්ගේ අවධානයට යොමු වූ හෙයින් පොලිස් ඇසින් බේරෙනු වස් ඔහු ඇතුළු ඔහුගේ සහයකයන් කාම්පුචියාවේ ග්‍රාමීය පෙදෙස් කරා පලා ගියහ.

මෙම කාලයේදී ඔහු මාඕසේතුං හා ස්ටැන්ලි වාදය කෙරෙහි වඩාත් කිට්ටුවිය. එහෙත් ඔහු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූයේ මාක්ස් හෝ ලෙනින් අනුගමනය කළ ක්‍රියා පටිපාටියට හාත්පසින්ම වෙනස් තමන්ට ආවේනික වූ ක්‍රමවේදයකි. එහි ප්‍රතිඵල ලෙස රටේ ජනතාවගෙන් 25% ක් මරු දකිනු ඇත.


නාගරික ජීවිතය පිරිහීමේ දොරටුවයි.
පොල්පොට් විශ්වාස කළ පරිදි නාගරික ජීවිතය ප්‍රතිගාමීත්වයෙන් පිරුණු එකකි. මුදල් සංසරණය, භාණ්ඩ මිළඳී ගැනීම, සංස්කෘතිය යන මේ සියල්ලම ප්‍රතිගාමිත්වයේ ලක‍ෂණ ලෙස ඔහු සැලකීය. ජනතාවට විමුක්තිය දෙනුවස් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට ගාල්කළ යුතුය යන සංකල්පය ඔහුට ඇති වූයේ මේ කාලයේ දීය. එය ජෝශප් ස්ටාලින් කලාක් මෙන් අවි බලයෙන් ජනයා සමූහ ගොවිපළවල් වලට පළවා හැරිය යුතුය. නැතහොත් කුබානයේ මෙන් කෘතිම සාගත ඇතිකළ යුතුය. කම්කරුවන් සටන්කාමි පන්තියක් ලෙස නුදුටු පොල්පොට්ගේ පූර්ණ අවධානය යොමුවූයේ ග්‍රාමීය ගොවීන් කෙරෙහිය. උගතුන් කෙරෙහි වෛරය, නාගරික ජිවන පිළිවෙත කෙරෙහි සතුරු ආකල්ප හා ජාතිවාදය ඔහුගේ මූලික ධර්මතා විය.

පැරිසියේ ශිෂ්‍ය කවය යළි සක්‍රීය වෙයි

පොල්පොට්ගේ පැරිසියේ මිතුරන් බොහෝ දෙනෙක් 1960 වන විට කම්පුචියාවට පැමිණ සිටියහ. පැරිසියේ ශිෂ්‍ය කවය ලෙස හැඳින්වුනු මෙම කණ්ඩායම අනාගත කම්පුචියාවේ විප්ලවය සඳහා කුමන මගක් ගත යුතුද, යන්න සාකච්ඡා කළහ. ඔවුන් 'උඡණ' හෙවත් උදරනැරි කමිටුවේ බලය තහවුරු කරගෙන සිටියහ. මෙම කමිටුවේ තෙවන ප්‍රධාන ස්ථානය හිමිවූයේ පොල්පොට්ටය. පොල්පොට් චීනය හා වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමගද සම්බන්දතා පැවැත්විය. නිරන්තරයෙන්ම කමිටුවේ උච්ච ස්ථානයකට යාමට වෙරදැරූ ඔහු 1963 වන විට උඡණ කමිටුවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වීමට සමත් විය. මුඛරි බව හා සංවිධාන ශක්තිය මගින් කමිටුව තුළ තම බලය වර්ධනය කර ගැනීමට පොල්පොට්ට හැකි වූ බව පෙනී යයි.

වියට්නාම් කොමියුනිස්ට්වරුන් සමඟ පොල්පොට් සබඳතා පැවැත්වුවද, ඔවුන් පොල්පොට්ගේ ජාතිවාදී, ආකල්ප කෙරෙහි දැක්වූයේ විවේචනාත්මක බවකි. නරොදම් සිහනුක් කුමරුගේ පොලිස් මෙහෙයුම් නිසා යටිබිම්ගතව දේශපාලනයේ නියැළුණු පොල්පොට් හට වියට්නාම් සහයෝගය අවශ්‍ය විය. එහෙත් වියට්නාමයේ ඇමරිකානු මැදිහත්වීම් නිසා වියට්නාම කොමියුනිස්ට්වරුන්ට පොල්පොට්ගේ අභිලාෂයන්ට සහයෝගය දැක්වීම ප්‍රමාද වූයෙන් ඔහු මාඕසේතුංගේ සහය පැතීය.

1966 වසරේ පොල්පොට් ප්‍රථම වතාවට චීනයට ගොස් මාඕසේතුං හමුවිය. මේ සමය වන විට චිනයේ සංස්කෘතික විප්ලවය ආරම්භ වී තිබුණි. සංස්කෘතික විප්ලවය සියැසින් දුටු පොල්පොට් උද්ධාමයට පත්විය. කම්පුචියාවේද මෙවැනි ආකාරයේ සංස්කෘතික විප්ලවයක් කළයුතු බවට ඔහු ඉටාගත්තේය. චීනයේ ගතකළ කාලයේදී මාඕගේ ධර්මයට වශීවූ පොල්පොට් යළි කම්පුචියාවට පැමිණෙන විට ඔහුගේ වියට්නාම් සබඳතා ඉරිතලා තිබුණි. තවදුරටත් වියටිනාම් කොමියුනිස්ට් වරුන්ගෙන් සහයෝගය ලබා ගැනීමට වඩා චීනය දෙසට හැරීම සුදුසු බව ඔහු වටහා ගත්තේය.

කෙමරූජ් සංවිධානය බිහිවෙයි.

උඡණ හෙවත් උදරනැරි නියෝජනය කළේ කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය විය. එහෙත් මෙම පක‍ෂය පිරිසිදු කිරීමට ඉටාගත් පොල්පොට් 1966 දී කෙමරූජ් සංවිධානය බිහි කළේය. කෙමරූජ් යව වචනයේ අරුත රතු කාම්පුචියානුවන් යන්නය. මෙම සංවිධානයේ අසහාය නායකයා වූයේ පොල්පොට්ය. ඔහු කෙමරූජ් සංවිධානය Aබටනදර (සංවිධානය) ලෙස හැඳින්විය.

කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිවීම

1976 දී පොල්පොට් ඉයෙං සාරි, නුඔන්චියා හා සොන්සෙන් යන කෙමරූජ් නායකයන්ගේ මූලිකත්වයෙන් කම්පුචියානු කොමියුනිස්ට් ජනරජය බිහිකරනු ලැබීය. සාමාජිකයන් 250 කින් සමන්විත වූ මෙම දේශපාලන බල බණ්ඩලයේ සුක්කානම හිමිවූයේ පොල්පොට්ට ය.

නව රජය කම්පුචියා සමාජය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළේය. පැරණි සමාජයේ සියල්ලම හෙලා දුටු ඔවුන් බුදු දහම හා කතොලික දහම යටපත් කිරීමට ක්‍රියා කළහ. බැංකු හා මුදල් ගනුදෙනු අවලංගු කරනු ලැබිණ. කාර්මිකරණයට අකුල් හෙලු ඔවුන්ගේ මුළු අවධානය යොමුවූයේ සාමූහික ගොවිපලවල් ක්‍රමයටයි.

විදේශ භාෂා කතා කිරීම, උපැස් පැළඳීම, ආහාර ගබඩාකරගැනීම, මිය ගිය ඥාතීන් සිහිපත් කිරීම, අතීතය ගැන කල්පනා කිරීම සහ මුලින්ම තහනම්වූ අතර, මේ නීති කඩකිරීම් නිසා බොහෝ දෙනෙකු කෲර මරණයන්ට ගොදුරු වූහ.

හිටපු ව්‍යාපාරිකයන්, රජයේ නිලධාරීන් උගතුන්, පුවත්පත් කලාව්දීන්, තෝර තෝරා පවුල් පිටින් සමූලඝාතනය කෙරෙණි. එම නිසා ජනතාව තම ඇත්ත ජීවිත සැඟවූහ. යම් හෙයකින් ඔවුන්ව හඳුනාගනු ලැබුවේ නම් හෝ යමෙකු විසින් පාවාදෙනු ලැබුවේ නම් අත්වූ ඉරණම භයංකාර විය. ජනතා සතුරන් ලෙස නම් කරනු ලැබූ ඔවුන් වෙඩි තැබීමෙන්, පොලූපහර දීමෙන් හෝ පිහිවලින් ඇනීමෙන් හෝ මරා දමනු ලැබීය.

උගතුන් රටේ ඉතිරි කරනු ලැබුව හොත් ඔවුන් කෙමරූජ්වරුන්ට එදිරිව විප්ලවයක් කරුනු ඇතැයි පොල්පොට් බියවිය. එම නිසා නායකත්වය හා සංවිධානගත වීම වලකා දමනු පිණිස ඔහු කෙමරූජ් සංවිධානයට තර්ජනයක් වියහැකි යැයි සිතූ සෑම පුද්ගලයෙකුම මරාදැමීම සඳහා නියෝග දුන්නේය.

සංවිධානයේ නායකයන්ගේ අණ පිළිගත් කෙමරූජ් කණිෂ්ඨ නායකයන් තම රාජකාරිය අකුරටම ඉටුකළහ. ජනතා විරෝධීන් හඳුනාගෙන ඔවුන් මරාදැමීමට ප්‍රමාද වූ සමහර කෙමරූජ් ප්‍රාදේශීය නායකයන් සිරබාරයට ගන්නා ලදී. එසේම සමහරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

1975 දී කාම්බෝජයේ ජනගහනය මිලියන 7.3 දක්වා පහළ බැස්සේය. 1975, 1979 කාලය අතරතුර මිලියන 3 ක කම්පුචියානු ජනතාව කෙලින්ම හෝ වක්‍රාකාර ලෙස ඝාතනයට ලක්වූ බව වාර්තාවේ. 600,000 කට වඩා අධික පිරිසක් අවතැන් වූහ.

නිදහස අහිමිකරන ලද කම්පුචියානු ජනතාව ජීවත්වූයේ මරණභයෙනි. පුවත්පත්, ගුවන්විදුලිය, වැනි මාධ්‍ය වාර්තාකරණයක් නොවීය. කෙමරූජ් රජය බාහිර ලෝකය සමඟ තිබූ ගනුදෙනු නතර කළහ. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද කම්පුචියාවේ දොර වසා තිබුණි.

ජනජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරනු ලැබුවේ රජය විසිනි. නුඹලා ජීවත්කරවීම අපට පලක් නැත. නුඹලාගේ මරණය අපට පාඩුවක් නොවේ, යන්න නව රජයේ දර්ශනය විය.

කෙමරුජ් දේශපාලන න්‍යාය

මුල් කාලයේදී කෙමරූජ් සංවිධානය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන් මාර්ගෝපදේශය ලබා ගත්හ. ක්‍රම ක්‍රමයෙන් එය ස්ටැන්ලිවාදී හා උගතුන්ට එරෙහිව ක්‍රියාකරන පක්ෂයක් බවට විකාශනය විය. මාක්ස්ට එදිරිව යමින් ඔව්හු කම්කරුවන් වෙනුවට ගොවීන් නියම නිර්ධන පන්තිය ලෙස තෝරාගත්හ. කාලයත් සමඟ ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය වෙනස් විය. අවසානයේ ඔවුන් තමන්ට ආවේණිකවූ නව දේශපාලන න්‍යායක් ගොඩ නංවන ලදී.

පොල්පොට් 1963 සිට 1991 දක්වා පක‍ෂයේ මහාලේකම් විය. කම්පුචියාව විදේශ රටවලින් තනිකිරීම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය විය. කිසිම රටක් සමඟ නිළවශයෙන් සබඳතා නොපවත්වන ලදී. ඔවුන්ගේ දේශපාලන න්‍යාය තුළ පැවතියේ විශාල රික්තයකි. එම රික්තය පුරවනු වස් ද්‍රෝහීන්, කඩාකප්පල්කාරීන්, ප්‍රතිගාමීන්, ජනතා සතුරන් යනුවෙන් හඳුන්වනු ලැබූ අදිසි සතුරන් සොයා විශාල මෙහෙයුම් ක්‍රියාත්මක විය. කම්පුචියානු විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන 1-2 අතර ජනග්‍රහනයක් බව කෙමරුජ් නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඉතිරිවූවන් පොහොර විය යුතුය. මේ දේශපාලන න්‍යාය මගින් කම්පුචියාවේ ජනගහනයෙන් 25% ක් ඔව්හු මරා දැමූහ. පොල්පොට් තමදේශපාලන න්‍යාය විග්‍රහ කළේ කොමියුනිස්ට් සමාජයටයා හැකි කෙටිමාර්ගයක් ලෙසටය.

අන්කා දහම

කෙමරූජ්වරු අදහන ලද්දේ "අන්කා" දේශපාලන දර්ශනයයි. කෘෂිකාර්මික, ආර්ථීක ස්ථරයකින් වටවූ "අන්කා දහම" මගින් පෞද්ගලික දේපල, පුද්ගල නිදහස, නිදහස් අදහස් ප්‍රකාශනය, දැඩිලෙස සීමා කරන ලදී. බටහිර තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් ප්‍රජාව ග්‍රාමීය ඉඩම්වලට කොටුකරන ලද්දේ ඔවුන් පාරිශුද්ධත්වයට පත් කරනු සඳහාය. පරාජීර්ණව තිබූ නාගරික ලෝකය වෙනුවට නව ගැමි ජීවිතයක් මගින් සියළු දෑ මුල සිට ආරම්භ කළයුතු බව අන්කා දහම මගින් ඔව්හු පැවසූහ. මුල සිටම ආරම්භ කරන පොදු ග්‍රාමීය සමාජය මගින් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය අත්පත් කරගෙන කොමියුනිස්ට්වාදයට පිය නැගීම ඔවුන්ගේ අරමුණ විය.

අන්කා දහම මගින් පොල්පොට් අපේක්ෂා කළේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු කිරීමය. එවිට පුද්ගලයා ස්වයංපෝෂිත වෙයි. ඔහු තම ආහාර වේල සඳහා එවිට අන්‍යයන් මත යැපෙන්නේ නැත. මේ මගින් ජනතාවට සමෘධිය ලඟාකරදීම පොල්පොට්ගේ දර්ශනය විය. එහෙත් පොල්පොට්ගේ අත්හදාබැලීම කෙළවර වූයේ මහා ව්‍යසනයකින්ය.

අන්කා දහම අනුව ගොවිබිම අප්‍රිය කළ ඕනෑම පුද්ගලයෙක් ජනතා හතුරෙකු ලෙස ගණන් ගැනිනි. ඔවුන්ට අත්වූයේ මරණයයි. සමානාත්මාවය රජයන සමෘධිමත් ලොවක් බිහි කිරීම පොල්පොට්ගේ මූලික අදහස වුවද, එය ක්‍රියාවට නැංවූයේ ජනතාවගේ ලේ සහ කඳුළු මතින්ය. කාලයත් සමඟ කෙමරූජ් නායකයන් අන්කා දහමේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුනට යළි ආපසු යාමක් ගැන සිතීමට පවා නොහැකි වූහ. න්‍යාය ගුරුකොට සෑම තීරණයක්ම ගත් ඔවුන් ප්‍රායෝගික ගැටලුවලදී ළදරුවන් මෙන් අසරණ වූහ.

පසු කාලෙක පොල්පොට් "අප ළදරුවන් මෙන් දණ ගෑවෙමු" යැයි ප්‍රකාශ කලේ න්‍යාය සහ ප්‍රායෝගිකවාදය අතර තිබූ පරතරය නිසාය. (Aබටන් යන වචනවට තේරුම් ගණනාවක් තිබේ. Aබටන් යන්න නිර්වචනය කොට ඇත්තේ සංවිධානය, යනුවෙන් වුවද කෙමරූජ්වරු පසුකාලීනව Aබටන් ආගමක් ලෙසට සකස් වූ ව්‍යුහයක් ලෙසට පරිවර්ථනය කළහ.)

මාඕ සහ ස්ටැන්ලිවාදය සමඟ පොල්පොට් න්‍යාය

මාඕ සහ ස්ටැන්ලිගේ දේශපාලන ව්‍යුහය අගය කළ පොල්පොට් එම ව්‍යුහයන් දෙකේ සම්මිශ්‍රණයෙන් යුත් අළුත් න්‍යායක් එළි දැක්වීය. ජාතිවාදය හා නට්සි අදහස් ද මෙම න්‍යාය තුළ දක්නට ලැබිණ.

සභාපති මාවෝ විසින් හඳුන්වාදුන් ප්‍රගතියේ මහා පිම්ම මගින් චීනයේ නාගරික ජනතාව ග්‍රාමීය ප්‍රදේශ කරා පිටමං කරනු ලැබීය. මෙම ක්‍රමවේදය ආදර්ශයට ගත් පොල්පොට් නොන් පෙන් නගරය ජනයාගෙන් හිස් කරන ලදී.

කම්පුචියාවේ නගරබද කම්කරුවන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවූ හෙයින් පොල්පොට්ගේ බලාපොරොත්තුව රැඳී තිබුණේ ගම්බද ගොවීන් කෙරෙහිය. මාඕ මෙන් පොල්පොට් ගොවීන් වැඩකරන පන්තියක් ලෙස ඔහු හැඳින්වීය. පොල්පොට් අදහස් කළ උටෝපියාව ගොඩනැංවීම සඳහා අවශ්‍ය වනුයේ මිලියන දෙකකට ආසන්න ජන ප්‍රමාණයක් බවත් අනෙක් පිරිස පාළන තන්ත්‍රයට බරක් බවත් කෙමරූජ් නායකත්වය විසින් නිබඳවම පවසන ලදී. එම නිසා අතිරේක මිනිසුන් ක‍ෂය කිරීමට ඔව්හු පියවර ගත්හ.

ස්ටාලින් විසින් "කලෙක්තිව් හසයිස්ත්වා" යනුවෙන් සඳහන් වූ සමූහ ගොවිපළවල් ක්‍රමය පොල්පොට්ගේ සිත් ගත්තාවිය හැක. එසේම පුද්ගල වන්දනාව මගින් පිරිපුන් ස්ටැලින්වාදය ඔහු ග්‍රහණය කරගත්තේය.

1931 හා 1951 අතරතුර කාලයේදී ස්ටැලින් මිනිසුන් 800,000 ක් මරා දැමීය. ගුලාර්ග් ශ්‍රම කඳවුරුවල සිරගත කෙරුණු මිනිසුන්ගෙන් බහුතරය යළි ජීවග්‍රාහීව පැමිණියේ නැත. ස්ටැලින් කලාක් මෙන් සමූහ ගොවි පළවල් ඇති කිරීම තුළින් ආහාරවලින් කම්පුචියාව ස්වයංපෝෂණය කිරීම පොල්පොට්ගේ අරමුණ වුවද ඔහු එය ක්‍රියාවට නැංවූයේ ස්ටැලින්ටත් වඩා බිහිසුණු අයුරිනි.

පොල්පොට්ගේ ෆැන්ටසිය.

ක්‍රිස්තුවර්ෂ 802 සිට 1431 දක්වා කම්පුචියාවේ පැවති ඉපැරණි ඇන්කෝර් ශිෂ්ඨාචාරය යළි ඇතිකිරීම පොල්පොට්ගේ සිහිනය වූයේය. එකල බටහිරින් තායිලන්ත, බුරුම, දේශසීමාව දක්වා ද, උතුරින් ලාඕසය දක්වා විහිදී පැවති මෙම ඇන්කෝර් ශිෂ්ටාචාර වටා දියුණු වාරිමාර්ග ක්‍රමයක් තිබුණි. මේකොං ගංගාවේ ජලයෙන් ගොවිතැන් කළ ඇන්කෝර් ශිෂ්ඨාචාරය ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයකි.

ඉන්දු භාෂාවක් වන නාගර භාෂාවෙන් ඇන්කෝර් යනු නගරය යන අදහස ගෙන දෙයි. ගල් කැටයම් මගින් සුවිසල් ආරාම බිහිකළ මෙම යුගය කම්පුචියාවේ ස්වර්ණමය කාලවකවානුවයි. රාමායණයෙන් හා මහා භාරතයෙන් ආභාෂය ලැබූ මෙම ඇන්කෝර් ශිෂ්ඨාචාරය මේ වන විට විනාශ වී ගොස් සියවස් 5 කට වඩා අධික කාලයක් ගතවී තිබුණද යළි ඇන්කෝර් යුගයක් ඇතිකිරීම පොල්පොට්ගේ මූලික දර්ශනය විය.

පොල්පොට්ගේ මෙම ෆැන්ටසිය සඳහා මිලියන ගනනාවක ජනතාව ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූහ. අතීත ඇන්කෝර් රජවරු දේවත්වයේ ලා සලකනු ලැබිණ. රටවැසියන් යුද සේවයට බඳවා ගන්නා ලද අතර, ආක්‍රමණය කරනු ලැබූ ප්‍රදේශවලින් ජනතාව වහලූන් සේ යදම් වලින් බැඳගෙන එනු ලැබිණ. එමනිසා ඇන්කෝර් ශිෂ්ඨාචාරයට නොකඩවා ශ්‍රමය අවහිරයකින් තොරව ලබාගැනීමට හැකිවූයේය. බලසම්පන්න හමුදාවක් ඔවුන් සතුවිය. තවද මේකොං නදිය වටා නිරන්තරයෙන්ම ගමනාගමනයේ යෙදුණු නාවික බල ඇණිද ඇන්කෝර්වරුන් සතුව පැවතිබවට සාක්ෂි තිබේ.

"අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය."

හින්දු ධර්මය හා මහායාන බුදු දහම ඇදහූ ඇන්කෝර් වාසීන් අසල්වැසි රටවල් සමඟද සබඳතා පැවැත්වූහ. ඉන්දියාව, ග්‍රීසිය, පර්සියාව, යන රටවල් මේ අතර වෙති. ඇන්කෝර් ශිෂ්ඨාචාරයේ පිරිහීම සඳහා හේතුකාරක කිහිපයක් පිළිබඳව පුරාවිද්‍යාඳයෝ මත පළකරති. අභ්‍යන්තර බල අරගල, තායිදේශයේ ආක්‍රමණ, මේ අතර වඩාත් පිළිගත හැකි සාධකවේ.

ඇන්කෝර් ශිෂ්ඨචාරයේ ශ්‍රී විභූතියට වශීවූ පොල්පොට් යළිත් මෙවැනි ශිෂ්ඨාරයක් කම්පුචියාවේ බිහි කිරීමට අදහස් කළේ කෙමරූජ් සංවිධානය මගිනි. එහෙත් මරණයේ ගොවිබිම මිසක අන් යමක් තම ජනතාවට ලබාදීමට ඔහුට හැකිවූයේ නැත. පොල්පොට්ගේ මාරක ෆැන්ටසිය නිසා මිලියන ගණනක් ජනතාව අවතැන් වී මරණයට පත්වූහ.

ඇන්කෝර් ශිෂ්ඨාචාරය හරහා පොල්පොට් දුටුවේ කොමියුනිස්ට් උටෝපියාවකි. විකෘති අන්දමට වැළඳගත් මාක්ස්වාදය හරහා පොල්පොට් නිර්මාණය කළේ මරණයේ ගොවි බිම් සමූහයකි. පැරනොයිඩ ආකෘතියක තැනුනු පොල්පොට්ගේ දර්ශනය මිලියන තුනක ජනතාව මිහිතලයෙන් අතුගා දැමීය.

පොල්පොට්ගේ ෆැන්ටසිය හඳුන්වනු ලැබුයේ Collectivist Utopia වශයෙනි. 1978 දී ඔහු කෙමරුජ් දේශපාලනය ගැන මෙසේ කීවේය. "අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය."

Phnom Penh නගරයට පොල්පොට් තුළ තිබුණේ සැඟවුණු වෛරයකි. කෙමරුජ්වරු බලයට පත්වූ වහාම Phnom Penh හි ජනතාව පිටමං කරන ලදී. ග්‍රාමීය ගොවීන් නූගත් අහිංසක කිසිවෙකු සූරානොකන කොට්ඨාශයක් බව පොල්පොට් ඇදහීය. එම නිසා ඔවුන් වඩාත් ශුද්ධ වූ කොටසකි. මේ නයින් බලන කල නගරය දූෂිතය. ඔහුගේ ෆැන්ටසිය අනුව නගරයට හා නාගරිකයන්ට පැවත්මක් නොතිබිනි. Phnom Penh හි ජනයා අප්‍රේල් 17 දින ජනයා හෙවත් නව මිනිසුන්ය. මේ කොට්ඨාශය ධනවාදයේ විෂමචක්‍රය කරකවන්නන්ය. ඔව්හු නව කම්පුචියාවේ සතුරෝ වෙති.

අතීතය පිළිබඳ මතකය රෝගයකි.

කම්පුචියාවේ විප්ලවයට පෙර යුගය පිළිබඳ කල්පනා කිරීම කැමරුජ්වරුන්ට අනුව දරුණු වරදකි. අතීතය පිළිබඳ ශෝකවීම, කාංසාජනකවීම, මිනිසුන් පෙලු රෝගයක් බව කෙමරුජ්වරු පැවසූහ. අතීතය පිළිබඳ මතකය රෝගයකි. අතීතයට පැවැත්මක් නැත. අතීත මතකය නිසා වර්තමානය බිඳී යයි. එබැවින් අතීතය පිළිබඳ කල්පනා කරන්නා රෝගියෙකි. නැතහොත් කඩාකප්පල්කරුවෙකි. ඔවුන්ට දඬුවම් කළ යුතුය.

මේ ශුන්‍ය වසරයි

පොල්පොට් බලයට පැමිණි වහාම ශුන්‍ය වසර Year of Zero නිවේදනය කළේය. මේ අනුව 1975 අප්‍රේල් 17 ශුන්‍ය වසරේ ආරම්භය විය. ඔහුගේ අදහස අනුව කම්පුචියාව ධනවාදයේ, බටහිර සංස්කෘතියේ, නාගරික ජීවිතයේ, ආගම්වල හා විදේශීය බලපෑම්වලින් දූෂණයවී තිබේ. මෙම අංශ මගින් අපවිත්‍ර වූ කම්පුචියාව සුපිරිසිදු කළ හැකකේ යළි ශූන්යතාවට ගමන් කිරීම මගිනි. එම නිසා සෑම දෙයක්ම මුලසිට අරඹනු ලැබේ. ඒ සඳහා අතිතයේ හා වර්තමානයේ අංගයන් විනාශ කළ යුතුය.

ශුන්‍ය වසර ශුද්ධ වසරකි. අතීත ස්මරණයන් අමතක කිරීම හෝ විනාශ කිරීම මගින් නව දේශයක් උදාකළ හැක්කේ ඔවුන් තම තමන්ගේ අතීත ස්මරණ වලින් නිදහස් කිරීම මගිනි. ඒ සඳහා ඒකායන මාර්ගය ශුන්‍ය වසරයි. ශුන්‍ය වසර සනිටුහන් කරන්නේ නව ශිෂ්ඨාචාරයේ උපතයි. ශුන්‍ය වසරේ පන්තිභේද නැත. පාසල් නැත. මුදල් හුවමාරුව නැත. පොත්පත් භාවිතය නැත. රෝහල් නැත. අළු මතින් ලොවට එන ශුන්‍ය වසර අළුත් බලපොරොත්තුවක සේයාවක් දල්වයි.

ආචාරශීලි නිහඬ ඝාතකයා - පොල්පොට්

ඔහු සන්සුන් නිහඬ චරිතයකි. කථා කිරීමට වඩා සවන්දීමට කැමතිවිය. දක්ෂ ගුරුවරයෙකි. අසන්නන් ග්‍රහණය කරගන්නා අයුරින් කතා කරයි. ඔහු ආචාරශීලිය. සෞම්‍ය ගතිගුණවලින් යුක්තය. ඔහු ජනතාව සංවිධානය කළේය. සිහනුක් රජයේ දූෂණ හා ජනතා පීඩන යාන්ත්‍රණය ඔහුගේ විවේචනයට ලක්විය. දුප්පත් ගොවීන් අතර ඔහු වීරයෙකු විය. සිසුහු ඔහුට සවන් දුන්හ. බොහෝ පිරිස් රැකියා අතහැර දමා පොල්පොට්ට සහයා දීමට ඔහු ක්‍රියාත්මක වූ ග්‍රාමීය ප්‍රදේශයට ගියහ. කම්පුචියාවේ අනාගතය පොල්පොට් බව ඔව්හු කීහ.

"ඔහු අප ආචාරශීලිව සිනහවකින් පිළිගත්තේය. මෙම පුද්ගලයා මිලියන ගණනාවක් මිනිසුන් මෙලොවින් අතුගා දමා තිබුණු බව මට සිහිවිය. ඔහු සිහින් හඬින් සිත් ඇදගන්නා විලසට කථා කළේය. ඒ අතරවාරයේ කරගැට රහිත සිනිඳු දෑත් මගේ නිරීක‍ෂණයට ලක්වූයේ නිරායාසයෙනි.මරණයේ ගොවිබිම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මා කළ උත්සාහය නිරර්ථක විය. ඔහු ඒ සම්බන්ධයෙන් මට කිසිවක් කීවේ නැත."

දුගී භාවයට, විරැකියාවට, රාජ්‍ය මර්ධනයට එරෙහිව ඔහු කථා කළේය. ජනතාවගේ ආදරයට පාත්‍රවීම ඔහුගේ අපේක‍ෂාව විය. අප දුප්පතුන් අතර ජනප්‍රිය වීමට නම් ඔවුන්ට සමානව ජීවත්වියයුතු බව පොල්පොට් නිතරම කීවේ. ඔහු කථාකළේ ජනතාව වෙනුවෙනි. ජනතා අභිලාෂයන් පිළිබඳවය. ජනතාව අමතන විටදී ඔහු ආකර්ෂණශීලි ලයාන්විත භාෂාවක් යොදාගත්තේය. ආත්ම දමනයෙන් යුතු ඔහු කිසිවිටෙක කෝප ගත්තේ නැත.

පොල්පොට් වටා ගොනුවූ ගොවි ජනතාව ඔහු වෙනුවෙන් සටන් කිරීමට ශපථ කළහ. ගොවීන් වෙනුවෙන් හඬක් නගන මේ පුද්ගලයා සෑම අංශයකින්ම පරිපූර්ණ පුද්ගලයෙකු බව ඔව්හු සිතූහ. පොදු සතුරාට එරෙහිව සටන් කිරීම සඳහා ඔව්හු පොල්පොට් වටා ඒකරාශී වූහ.

නිව්යොක් ටයිම්ස් පුවත්පතේ කතුවරියක් වන එලිසඛෙත් බේකර් තමා පොල්පොට් හමුවූ අවස්ථාව මෙසේ සිහි කැඳවන්නීය. 1978 දෙසැම්බර් 22 අපගේ හමුව සිදුවිය. එය අතිශයින්ම විරල අවස්ථාවක් බව පැවසිය හැක. ඒ මන්දයත්, ඔහුව හමුවීමට අවකාශ තිබුණේ සීමිත පුවත්පත් කලාවේදීන් පිරිසකටය. ඒ අතරින් බොහෝ දෙනෙකු කොමියුනිස්ට් රටවල පුවත්පත් වාර්තාකරුවන් වූ අතර බටහිර ජන මාධ්‍යයට පොල්පොට්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම අසීරුව තිබුණි.

ඔහු අප ආචාරශීලිව සිනහවකින් පිළිගත්තේය. මෙම පුද්ගලයා මිලියන ගණනාවක් මිනිසුන් මෙලොවින් අතුගා දමා තිබුණු බව මට සිහිවිය. ඔහු සිහින් හඬින් සිත් ඇදගන්නා විලසට කථා කළේය. ඒ අතරවාරයේ කරගැට රහිත සිනිඳු දෑත් මගේ නිරීක‍ෂණයට ලක්වූයේ නිරායාසයෙනි.

මරණයේ ගොවිබිම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මා කළ උත්සාහය නිරර්ථක විය. ඔහු ඒ සම්බන්ධයෙන් මට කිසිවක් කීවේ නැත. දිගින් දිගටම වියට්නාම් ප්‍රහාර හා වියට්නාමය විසින් කරන ලද හානි ගැන කීවා මිසක මිලියන 3 ක් කම්පුචියානුවන් මිය ගියේ කෙසේද යන්න ඔහුගේ දේශනයට අඩංගු නොවීය.

පොල්පොට්ගේ ඝාතනවලට කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ සහාය දුන් බලවේග දැන් නිහඬය. ඔහු බලයේ සිටි කාලයේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය පවා ඔහුට ආධාර කරන ලදී. වරක් මාඕ ඔහුට ප්‍රශංසා කළේය. "ඔබගේ ජයග්‍රහණය අති විශිෂ්ඨය. එක ප්‍රහාරයෙන් සියළුම පන්ති ඔබ අවසන් කළා. විශිෂ්ඨයි. අතිවිශිෂ්ඨයි" පොල්පොට් යන නමේ තේරුම Politique Potentelle හෙවත් සක්‍රීය දේශපාලඥයා යන්නය. එහෙත් මෙම සක්‍රීයතාව ගෙන ආවේ මරණීය පණිවිඩයකි.

මීලඟ කොටස බලාපොරොත්තු වන්න Tell a Friend
-->