to-add

Wikileaks: ඉන්දියාව ගැන කියවෙන විකිලිකස් වලට මොකද වුණේ?


බි. රාමන් විසිනි


පෙරේදා ජන මාධ්‍ය වෙත නිකුත් කරණු ලැබූ විකිලීක්ස් වාර්තා වලට අනුව නව දිල්ලි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ රජය දෙපාර්තමේන්තුව අතර හුවමාරු වූ ලිපි 3000 කට අසන්න ප්‍රමාණයක් තිබෙන බව සඳහන් කළද මෙතෙක් ඒවා මොනවාදැයි පල වී නැත. එය නිල මට්ටමෙන් නිකුත් කළ ගාඩියන්, නිව් යෝර්ක් ටයිම්, ද ස්පිජියල් , ලමොන්දෙ , අල් ජසීරා හෝ එල් පීස් තවමත් ඉන්දියාව සම්බන්ධයෙන් වූ කිසිඳු ලිපිගොනුවක් ඉදිරිපත් කොට නැති නමුත් පකිස්ථානය සහ චීනය අතර හුවමාරු වූ ගනුදෙනු සියල්ලම පාහේ නිකුත් කොට ඇත.

මේ අතර චෙන්නායි සිට ප්‍රකාශයට පත් වන හින්දු පුවත්පත අද දින තම කතුවැකිය අවසාන කොට ඇත්තේ, " දෙරට අතර ඇති වූ ආරක්ෂක සහ අනෙකුත් සියලුම ක්ෂේත්‍රයන් හී ගනු දෙනු වලට අයත් රහස් හෙළි කෙරෙන 3000 ක් පමණ වන විකිලික්ස් ලිපි ගොනු සියල්ලම ඉදිරි පැය 48 ඇතුලත නිකුත් වීමට නියමිතය යනුවෙනි. "

මෙහි අර්ථය කුමක්ද? එනම් විකිලික් ඍජුවම ඉන්දියාවට අයත් ලිපි හින්දු පුවත් පතට ලබා දී ඇති බවද? එසේ නොවේනම් හින්දු සහ ගාඩියන් අතර ඇති සහයෝගිතාවය කරනකොට ගෙන ලිපි ගොනු ගැන අදහස් දැක් වීමට ඒවා සියල්ලම හින්දු පුවත්පතට ලබා දුන්නේද? නිව් යෝක් ටයිම් ප්‍රකාශ කරණ ආකාරයට ඔවුන්ට කිසිම ලේඛනයක් විකිලිකස් ලබා දුන්නේ නැත, ඒවා ඔවුන්ට ලැබුනේ ගාඩියන් පුවත් පත ඔස්සේය.

Tell a Friend

Post a Comment

0 Comments