Hot!

"මිනිස්සු" - මහාචාර්ය දර්ශන රත්නායක

        

          භාෂාව මානව සමාජය සතු අසිරිමත් දායාදයකි. එම භාෂාව මාධ්‍ය කොට ගත් "කවිය" මානව සංස්කෘතිය සතු වින්දනීය නිර්මිතයකි. ශබ්ද, අර්ථ හා  රසභාව සංයෝග වීමෙන් බිහිවූ කවිය පදසංගතිවල අපුර්වතම රචනයකි. "මිනිස්සු" මේ ඔබත් මාත්ය

   තලා පෙලා මා ඉවතට විසිකෙරුවෙත්                මිනිස්සු
   බලා මදෙස කුළුණු නෙතින් රැක ගත්තෙත්         මිනිස්සු
   හෙළා තලා ඇනුම් බැණුම්
වැපුරුවෙත්                මිනිස්සු
   සලා සෙමෙර මුදු තෙපුලෙන්
මතුවෙත්            මිනිස්සු

    හොරා ගන්න මගේ අතමිට පොර කෑවෙත්        මිනිස්සු
    පුරා දෑත තෑගි බෝග මට දුන්නෙත්                    මිනිස්සු
    නිරා ගින්න පරදන රළු ගිනි දුන්නෙත්                මිනිස්සු
    සරා සදේ සිසිලෙන් ගත සිත නිව්වෙත්              මිනිස්සු

    යන එන තැන රැක ඉදලා ගල් ගැහුවෙත්            මිනිස්සු
    තැන තැන පාවඩ එළලා මල් ඉස්සේත්               මිනිස්සු
    පැන පැනවගවලසුන් මෙන් ඩැහැ ගත්තෙත්       මිනිස්සු 
    දින දින අණ වින හැර පණ රැක දුන්නෙත්          මිනිස්සු

    දෑත් දෙපා කඩා දමා ලෙඩ කෙරුවෙත්               මිනිස්සු
    බේත් දමා ඒ අත් පා සුව කෙරුවෙත්                  මිනිස්සු
   ඈත් කරන්නට මෙලොවෙන් වලිකෑවෙත්          මිනිස්සු
   දෝත් මුදුන් දී පාමුල වැඳ වැටුනෙත්                   මිනිස්සු

   මට සතුරුය තව කෙනෙකුගේ දෙවිවරු ඒ           මිනිස්සු
   මට සිකුරුය තව කෙනෙකුගේ සෙනසුරු ඒ         මිනිස්සු
   මිතුරට සතුරු  ද සතුරට මිතුරුද වෙති                   මිනිස්සු
   අපට ම අප ගැන පුදුමයි - අරුම පුදුම                   මිනිස්සු

   ඇහැක ඇනෙන කටුවාගෙයි සමහර විට             මිනිස්සු
   කුහක කමෙන් දුරු වුණාම මුතුවාගෙයි               මිනිස්සු
   ගහක වැලක සුවඳ දුගඳ පාට පාට                       මිනිස්සු
   අහක දාන්නේ කොහොමද? දෙවියනි මේ           මිනිස්සු