Hot!

ප්‍රජාතන්ත්‍රවාදය: විසම්මුතිය ඉවසිමද? උනන්දු කිරීමද?

| හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන්නේ රාජපක්ෂට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයකි. මේ වන විට පිවිසීම අවහිරකොට කර ඇති වෙබ් අඩවි සංඛ්‍යාව 8කි. මෙය ශ්‍රී ලංකාවේ උත්තරීතරම නිතිය වන 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් ස්ථාපිත කර ඇති මුලික අයිතිවාසිකමක් වන බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. 
 
 විධායක ජනාධිපතිවරුන් අතින් මානව හිමිකම් සුරැකෙයි යයි සිතීමද උගහටය.

බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ගැන සැලකීමේදී අමතක කළ නොහැකි මුලික අයිතිවාසිකම් නඩු තීන්දු දෙකක් ඇත. මේ නඩු තීන්දු දෙකම අසහාය මාක් ප්‍රනාන්දු විනිසුරුතුමන්ගේය.

ඒ ජනගොෂා නඩුව සහ දේශප්‍රිය එරෙහි නුවරඑලිය නගර සභා නඩුවයි. මේ නඩු දෙකම පැවරුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේය. ජනගොෂා නඩුවේදී එවකට විපක්ෂය විනාඩි 15ක් විවිධ ශබ්ද කරමින් විරෝධතා දැක්වුහ.

ඒ අතර ඝන්ටාර ගැසීම වාහන වල නලා ශබ්ද කිරීම වෙනත් භාණ්ඩ වලට ගැසීමද විය. මෙම නඩුවේ පෙත්සම්කරුවූ හොරණ නගර සබා සාමාජික බෙරයකට ගැසූ අතර පොලිසිය පැමිණ ඔහුගේ බෙරයද කඩා ඔහුට පහර දුන්හ. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරු මුලික අයිතිවාසිකම් නඩුව දිනු අතර එය ජන ගෝෂා නඩුව නමින් ප්‍රසිද්ධියට පත්විය.

 දේශප්‍රිය මුලික අයිතිවාසිකම් නඩුවේදී පෙත්සම්කරුගේ පුවත්පත් 450 ක් අත්අඩංගුවට ගෙන ඒවා ජනතාව අතට පත්වීම වළක්වන ලදී. මෙම නඩුවේදී මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා කිවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී විසම්මුතිය ඉවසීම පමණක් නොව එය උනන්දු කිරීමද සිදුවිය යුතු බවයි.

 රාජපක්ෂ පාලනය යටතේ සිදුවන්නේ මේ දෙකම නොව එය අමුඅමුවේ විනාශ කිරීමයි. මර්දනය කිරීමයි.
එබැවින් අප හමුවේ ඇති මුලික ගැටලුව වූ කලී, ප්‍රජාතන්ත්‍රවාදය යනු විසම්මුතිය ඉවසිමද? උනන්දු කිරීමද? යන්නයි.