Hot!

‘‘ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි‘‘ - මංගල


මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා (11) අවධාරණය කළේ, ලංකාව සිංහල බෞද්ධයන්ගේ රටක් නොවන බවත් එය ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බවත්ය. 

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

''මටත් පුළුවන් සමහර අපේම සගයන් වගේ කාඩ්බෝර්ඩ් වීරයින් වෙන්න නම් කියන්න, ‘මේ ලංකාව කියන්නේ සිංහල  බෞද්ධයන්ගේ රටක්, ඒක නිසා තමුසෙලාට ඕන විදියට ජීවත්වෙන්න බෑ කියලා‘. නැහැ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි, ලංකාව කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ රටක්, ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ, ඒවගේම ඒ රටේ ඉන්නවා ක්‍රිස්තියානි, කතෝලික හින්දු ඉස්ලාම් හා වෙනත් ආගම් වල අය ඇති. ඒ හැම කෙනෙකුටම සිංහල බෞද්ධ අපිට තියෙන අයිතිවාසිකම් තියෙනවා.


අපි බහුතරය වුණු පළියට අපේ මතය කාගෙවත් පිට උඩ පටවන්න බැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන.''  යන්නයි. 



0 comments: