Hot!

''මහජන ආරක්ෂාවට මුවාවී ඒකාධිපතිත්වයට කැස කවනවා'' - අනුර


පාස්කු ඉරිදා ප්‍රහාරය මතින් මහජන ආරක්ෂාවට මුවාවී ඒකාධිපතිත්වය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් වෙනුවෙන් වියරු දේශපාලකයන් සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (16) විභාරමහා දේවි උද්‍යානයේදී පැවති සත්‍යග්‍රහයට එක්වෙමින් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

''පාස්කු ඉරිදා ප්‍රහාරය මතින් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති දියත් කරමින් තිබෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරය සිදුවූ වහාම යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවූවා නම් ඒක අපිට පිළිගන්න පුළුවන්. හැබැයි ඊට දින 21 කට පසුව කුරුණෑගල, පුත්තලම, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක නැවත ගැටුම් ඇතිකළේ ඉතාම සැලසුම් සහගත ක්‍රියාවලියක්. 

පරාජිත යම් දේශපාලන පක්ෂයකට අවශ්‍ය වී තිබෙනවා මේ අරාජිකත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්න තමන්ට දේශපාලන වාසියක් අත්පත් කරගැනීම වෙනුවෙන්. නැවත තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය මහජන ආරක්ෂාව පිළිබඳ කතිකාවතින් ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. ඒ ඇයි ?. ආණ්ඩුවටත් පැවති ආණ්ඩු වලටත් ජනතාවගේ සාධනීය සටන් පාඨයක් මේ මොහොතේ අත්පත් කරගන්න බැහැ. මහජන ආරක්ෂාවට මුවාවී ඒකාධිපතිත්වය, ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලනය වෙනුවෙන් තමයි මේ කැස කවමින් තියෙන්නේ'' යන්නයි. 



0 comments: