Hot!

‘‘කඩු තියාගත්තේ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාවට‘‘ - එම්. එන්. අමීන්



මුස්ලිම්වරු කඩු තබාගෙන සිටින්නේ ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට බව ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්. එන්. අමීන්  අද (9) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,

''මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස මම කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාගේ යහපත සඳහා මා සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම, පසුගිය කාල සීමාව තුළ යම් යම් සිදුවීම් වුණා. සොයාගැනීම් අතරතුරදී පල්ලි 1000 කට වැඩියෙන් සෝදිසි මෙහෙයුම් අවස්ථාවේ ස්ථාන කීපයක කඩු තිබුණා. ඒවා පිළිබඳව පරීක්ෂණ කරනවා. අදාළ අයට දඬුවම් ලබාදෙන්න කියලා මුස්ලිම් ජනතාවම කියලා තියෙනවා. 


ඊයේ ජනාධිපතිතුමා කියලා තියෙනවා, සෑම ගෙදරකම කඩු තියෙනවා කියලා. ඒක සිරිතක්. අපේ ආරක්ෂාවට, විශේෂයෙන්ම අපේ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාවට, අපේ ආරක්ෂාවට සෑම ගෙදරකම කඩු තියෙනවා ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට කියලා තියෙනවා මේ අත්අඩංගුවට ගැනීම් සාධාරණ නැහැ කියලා.  මං මේ කියන්නේ සමහරවිට කඩුවක් තියාගෙන මුස්ලිම්වරු තවත් මොනාහරි කරන්න යනවා කියලා හැඟීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා‘‘  යන්නයි. 





0 comments: