Hot!

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදයි


ලෝක නිදහස් මාධ්‍ය දිනය අද (2) ට යෙදී තිබේ. ‘‘මැතිවරණය හා ප්‍රජාතන්ත්‍රවාදයේදී මාධ්‍යයේ කාර්යභාරය‘‘ මෙවර එහි තේමාව වී  තිබේ. 

මේ වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් පවසන්නේ, 

‘‘නිදහස් මාධ්‍ය සාමය, සාධාරණත්වය, තිරසාර සංවර්ධනය හා මානව හිමිකම් යන මේ සියල්ලේ පැවැත්මට අත්‍යවශ්‍යයි. විනිවිදභාවය හා විශ්වසනීය තොරතුරු වලට පිවිසීමෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය පරිපූර්ණ වන්නේ නැහැ. සාධාරණ හා අපක්ෂපාතී ආයතන ස්ථාපිත කිරීමේ සුවිශේෂී කුළුණු මෙන්ම වගකීම් සහගත නායකයින් හා සත්‍ය කතාකිරීමේ බලකණු වන්නේ ද ඒවායි. විශේෂයෙන්ම, මැතිවරණ සමයේදී මෙහි සත්‍ය බව පැහැදිලිව දැකගත හැකියි.   

යුනෙස්කෝව 2018 දී නිකුත් කළ වාර්තාවන්ට අනුව එම වසර තුළ දී පමණක් මාධ්‍යවේදීන් 100 දෙනෙකු ඝාතනයට ලක්වී තිබෙනවා. තවත් සිය ගණනක් සිරගත කර තිබෙනවා. අපට සුබදායී ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් උදව් වෙන මාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරකින ලෙස මෙවර ලෝක දිනයේදී මා ඉල්ලා සිටිනවා.‘‘  යන්නයි. 






යුනෙස්කෝ සමුළුවේ නිර්දේශය මත 1993දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නිදහස් මාධ්‍ය දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනයේ ප්‍රධාන සැමරුම ඉතියෝපියාවේ අඩිඩිස් අබාබා හිදී පැවැත්වේ. 



0 comments: