Hot!

හිස්බුල්ලා ඉවත් කරන්නැයි පවසමින් ත්‍රිකුණාමලයේ හර්තාල්


ජාතිවාදය ත‍්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා අද (10) ත‍්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට නගර කීපයක දියත් කර තිබෙන හර්තාලයක් හේතුවෙන් ජන ජීවිතයට ද බාධා පැමිණ තිබේ. 

ත‍්‍රිකුණාමලය නගරය, කන්තලේ, සේරුනුවර හා තඹලගමුව යන නගර වල කඩ සාප්පු වසා දමා තිබෙන අතර පුද්ගලික බස් රථ ද ධාවනයෙන් ඉවත් කර තිබේ. 



ප‍්‍රදේශයේ පාසල් කිහිපයකටම කිසිදු දරුවෙකු පැමිණ නොසිිටි අතර හමුදාව පොලිසිය හා සිවිල් ආරක්සක බලකා නිලධාරින් පාසල් වල ආරක්සාවට යොදවා ඇති අතර රාජ්‍ය ආයතන හා බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවුවද එහි කාර්ය මණ්ඩල වල පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.



හර්තාලය හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ත‍්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.

0 comments: