Hot!

තිලක් මාරපන හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්


ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා මෙරට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අතර විශේෂ හමුවක් ඊයේ (16) දින පැවැති අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර සිටි රාජ්‍ය ලේකම්වරයා මෙරටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට සිය සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව ද මෙහිදී පැවසුවේය. මෙහිදී අදහස් දැක්වූ තිලක් මාරපන ඇමරිකානු රජය ලබාදෙන සහයෝගය ද අගය කළේය. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකුගේ ද ජීවිත අහිමි වී ඇති අතර 'මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය' විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දීම ද මෙහිදී අවධානයට ලක්විය.



0 comments: