Hot!

තුන්මෝදර ගැටුමේදී ආරක්ෂක අංශ ඇඳුමින් සිටි පුද්ගලයා ගැන තොරතුරු වේ නම් දැනුම් දෙන්න


ආරක්‍ෂක අංශ අදින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇදගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. 

යුද්ධ හමුදාව මගින් මේ සබැඳිව කඩිනම් පරීක්‍ෂණ පවත්වන අතර, එම වීඩීයෝවේ ඇතුළත් ආරක්‍ෂක අංශ සාමාජිකයෙක් යැයි සැකකෙරෙන පුද්ගලයා හඳුනාගැනීමට යුද්ධ හමුදාව මහජන සහය පතන අතර, පරීක්‍ෂණවලින් පසුව අදාළ පුද්ගලයා ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වූවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනිමට යුද්ධ හමුදාව කටයුතු කරන බව අද (15) නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ.

මේ පිළිබඳ තොරතුරු ඇතොත් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 0112514280 ට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

0 comments: