Hot!

''මේජර් බුලත්වත්ත ඉන්නේ බුද්ධි අංශයේ නෙවේ'' - හමුදාපති


මේජර් බුලත්වත්ත බුද්ධි අංශයේ රාජකාරි කිරීමට විරෝධය පළකරමින් දෙස් විදෙස් මාධ්‍ය සංගම් ගණනාවක් විශේෂ නිවේදන නිකුත් කරමින් පැවසුවේ මාධ්‍යවේදීන් ඝාතනයේ යෙදුණු අයෙකු නැවත බුද්ධි අංශයට බඳවාගැනීමෙන් ලංකාව මාධ්‍යවේදීන් සුරක්ෂිත කිරීමෙහිලා දක්වන නොහැකියාව පෙන්නුම් කරන බවයි.

කෙසේවුවත්, අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායත පැවසුවේ, මේජර් බුලත්වත්ත මේ වනවිට රාජකාරියේ නියැලෙන්නේ බුද්ධි අංශයේ නොවන තමන් යටතේ බවයි.  

හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ,

''මෙතනදී මම නිවැරදි කිරීමක් කරන්න ඕන ඔහු බුද්ධි අංශයේ නෙමෙයි සේවය කරන්නේ, මගේ යටතේ මගේ ළඟ ඉන්නේ, මම වගකීමෙන් කියන්නේ. සෑම කෙනෙක්ම දන්නවා ඔහු කරපු රාජකාරිය මොකක්ද කියලා නැගෙනහිර පළාතේ. ඔහුගෙන් මේ අවස්ථාවේදී රටට වැඩක් ගන්න ඕන. රටට වැඩක් ගන්න ඕන නම් මට ඒ නීතියේදී කියලා නැහැ ඔහුව වැඩට ගන්න එපා කියලා. යුද හමුදාවේ පඩි ගත්ත නිළධාරියෙක් අවුරුදු දෙකක් තිස්සේ. මං මේ අවස්ථාවේදී සඳහා. මං මේ කරන්නේ ඔබගේ යහපත සඳහා, නැතුව ඔහු කරපු චෝදනා වල පරීක්ෂණ වලින් මිදෙන්න බැහැ.

මේ සිද්ධිය උඩ කවුරුහරි යුද හමුදාවේ සම්බන්ධ වෙලා තියෙනවා නම් පරණ ඒවාට ඒවායෙන් මිදෙන්න බැහැ.  මගෙන් බේරෙන්න කොහොමත් බැහැ. නීතියෙන් කොහොමත් බැහැ. හොරෙක් ගැන හොයන්න ඕන හොරෙක්ගෙන්. හාමුදුරු කෙනෙක් ගැන හොයන්න ඕන හාමුදුරු කෙනෙක්නේ.'' යන්නයි. 




සබැඳි පුවත්




0 comments: