Hot!

''මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන්න'' - කාදිනල්තුමා


''කතෝලිකයින්, බෞද්ධයින් හා සියලුම ජනතාවගෙන් මුස්ලිම් අයට කිසිදු කරදරයක් හෝ හිංසාවක් නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා. මේ ප්‍රහාරයට මුස්ලිම් ජනතාව සම්බන්ධ නැති බව පැහැදිලියි.'' යන්න කාදිනල්තුමා පසුගියදා (20) වතිකානුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා පැවසුවේ, 

"රජය පැත්තෙන් බරපතල ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබෙනවා. දැන් ඔවුන් සියලු වර්ගවල කමිටු සහ කොමිෂන් සභා පත් කර ඇති අතර, දෙපාර්ශ්වය අතර ආරවුල් ඇති වෙමින් තිබේනවා. ඔවුන් දන්නවා මේ සිදුවීමට කවුද වගකිව යුත්තේ කියලා. ඉන්දීය බුද්ධි අංශ විසින් අපේ‍්‍රල් 4 වන දින එල්ල විය හැකි මෙම ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවත් පසුව පිපිරුම් සිදු වූ දින උදෑසන 6.45 ට දුරකථන ඇමතුමක් මගින් ද ඇතුළුව තෙවතාවක් දැනුම් දුන් බවට " 

නමුත් කිසිවෙකු එය බැරෑරුම් ලෙස සැලකුවේ නැහැ. ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව මා දැන සිටියේ නම් මම පල්ලි වසා දමා ජනතාවට ගෙදර යන ලෙස දැනුම් දී එසේ හෝ මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබුණා 

සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ අනෙක් අයට දොස් පැවරීමටයි. කරුණු සැඟවීමට උත්සාහයක යෙදී සිටිනවා. ඊට සම්බන්ධව ඇතැම් ප්‍රභලයින් ගේ වරදකාරිත්වය පවා සැක සහිත විය හැකි බැවින් ඔවුන් එය සැඟවීමට උත්සාහ දරණ බවක් පෙනී යනවා. රජයේ පැත්තෙන් සහ ආරක්ෂාව සඳහා වගකිව යුතු විවිධ ආයතනවල මේ සම්බන්ධයෙන් පූර්ණ උනන්දුවක් නොමැති භාවය මනාව පෙන්නුම් කරනවා" යන්නයි. 




0 comments: