Hot!

චිරාත් ද සිල්වාගේ 'Showboat Sailor' බර්ලින් කෙටි චිත්‍රපට උළෙලට



ශ්‍රී ලංකා පදනම් ආයතනයට අනුබද්ධිතව ක්‍රියාත්මක වූ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ ආදි ශිෂ්‍යයන් වන චරිත් ද සිල්වා අධ්‍යක්ෂණය කල සහ ළහිරු මධුසංඛ සංස්කරණය කල 'Showboat Sailor' නම් ජර්මන් කෙටි සිනමාපටය අද ජර්මනියේේ බර්ලින් නුවරදී  ඇරැඹෙන 06 වෙනි  බර්ලින් කෙටි සිනමාපට උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. 2011 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල  බර්ලින් කෙටි සිනමාපට උළෙලට මෙවර කෙටි වෘත්තාන්ත, කෙටි වාර්තා සහ මියුසික් වීඩියෝ 77 ක්  ඇතුලත්ව ඇති අතර, එකී නිර්මාණයන් අද පටන් එළඹෙන 14 වෙනිදා දක්වා බර්ලින් නුවර බේබිලෝන් සිනමා සංකීර්ණයේ දී තිරගත වේ. ඒ අනුව චිරාත් ද සිල්වාගේ කෙටි වෘත්තාන්ත සිනමාපටය හෙට (ජූලි 12) සවස 6.00ට එහි ජගත් මංගල දර්ශනය (World Premiere) ලෙසින්  මහජනතාවට ප්‍රදර්ශන කෙරේ. මෙය 'Showboat Sailor' සිනමාපටයේ පළමු අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය වේ. 

අධ්‍යක්ෂ - චරිත් ද සිල්වා

සිනමා අධ්‍යනය සම්බන්ධයෙන් යුරෝපයේ ඉහළම පිළිගැනීමක් හිමි ජර්මනියේ බාඩන් වූටන්බර්ග් සිනමා පාසලේ (Filmakademie Baden-Württemberg) මාස හයක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලද චිරාත් ද සිල්වා සහ ළහිරු මධුසංඛ, සිය පාඨමාලාවේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම කෙටි සිනමාපටය නිර්මාණය කොට ඇත. අධ්‍යක්ෂණය, තිර රචනය සහ සංස්කරණය හැරුනුකොට සිනමාපටයේ අනෙකුත්  සියලුම අංශයන් සඳහා ජර්මන් ජාතික සිසුන්ගේ දායකත්වය හිමිව තිබීම මෙහි ඇති විශේෂත්වයකි. මිනිත්තු 26 ක් පුරා ඉංග්‍රීසි බසින් දිගහැරෙන 'Showboat Sailor' කෙටි සිනමාපටය නුදුරේදීම ශ්‍රී ලංකාවේදී  ප්‍රදර්ශනය කෙරේ. 


සංස්කාරක - ලහිරු මධුසංක

0 comments: