Hot!

වධහිංසා කළ පොලිස් නිළධාරීන්ට දඬුවම් වෙනුවට උසස්වීම්


වධ හිංසාවලට සම්බන්ධ බවට චෝදනා ලබන පොලිස් නිළධාරීන්ට වත්මන් ආණ්ඩුව ඇතුළුව මෙරට පැවති ආණ්ඩු අඛණ්ඩව උසස්වීම් ලබාදී තිබෙන බවත් ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්තවාදී විමර්ශන දෙපාර්තමේන්තුවේ (TID) අණදෙන තනතුරු හොබවන්නන් ද ඇතුළුව වධකයන් ලෙසින් චෝදනා ලබන 58 දෙනෙකු, ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් කරන ලද නව අධ්‍යයනයකින් හඳුනාගෙන සිටියි.

අද (18) දිනයේදී ITJP නිකුත් කළ විශේෂ නිවේදනයකින් අවධාරණය කර සිටින්නේ අදාළ පිරිස නම් කරන ලද්දේ වධබන්ධනයට පාත්‍ර වූ 73 දෙනෙකු විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා මගින් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දශකයකට වඩා පැරණි වාර්තා වලින් නම්කර තිබෙන පොලිස් නිළධාරීන් ද මේ අතර වන බවත් එක්සත් ජාතීන්ගේ සාමසාධක නිළධාරියෙකු ලෙස පවා ඔවුන් රාජකාරි කර ඇති බවයි.

මේ ගැන අදහස් දක්වමින් ITJP විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා පවසන්නේ, 'පොලිස් වධහිංසා පිළිබඳව පුන පුනා නැගෙන චෝදනා සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ල කම්පාකරවන සුළු අතර, සංක්‍රාන්ති යුක්ති පසෙක තිබියදී, ශ්‍රී ලංකාව විසින් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රකාශිත පොරොන්දු
විහිළුවක් බවට පත් කරයි'' යන්නයි.








0 comments: