Hot!

ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනිය පැහැරගැනීම සජිත් හෙළා දකියි


සමස්ත ජනතාවම බලාපොරොත්තු වූවේ සාමකාමී, නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදය රජයන පාලනයක් බවත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක පැහැරගන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කළ බවත් එමගින් මෙරට ජාත්‍යන්තරය හමුවේ බලවත් අප්‍රසාදයට ලක්වූ බව දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අද (30) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මෙමගින් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නව පාලනය යටතේ මාධ්‍යවේදීන් කීපදෙනෙකුට දැනටමත් පීඩන එල්ල වී ඇති බවත් එය යහපාලන ආණ්ඩුව විසින් දිනාදුන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත්, තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍යතන්ත්‍රය ක්‍රියාත්මක වීමක් බවයි. 




0 comments: