to-add

මහතීර් මොහොමඩ් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වේ


මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඔහු මේ බව ක්වාලාලාම්පූර් වේලාවෙන් අද (24) දින දහවල් 1 ට මැලේසියානු රජතුමා වෙත දන්වා සිටියේය. 

විදෙස් දේශපාලන විචාරකයින් පවසන්නේ ඔහුගේ අනුප්‍රාප්තික අන්වර් ඊබ්‍රාහිම්ගේ සහයෙන් තොරව ඔහු නව සන්ධානයක් පිහිටවනු ඇති බවයි. ලොව වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් පසුගිය 2018 වසරේදී බලයට පත්වුණේය. 

මැලේසියාවේ මීළඟ අගමැති කවුරු වනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නැති බවත් බොහෝදුරට නව මැතිවරණයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි ද පැවසේ. 

Post a Comment

0 Comments