to-add

‘‘මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ කෝවිඩ් 19‘‘ - මහින්ද



මැතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ කෝවිඩ් 19, එය නැවැත්වීමට පත්කර තිබෙන කාර්ය සාධන බලකාය, ලාංකිකයින් මෙන්ම රටේ පවත්නා වාතාවරණය බව රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන ඡන්ද බලය පළමුව යන මතයේ මැතිවරණ කොමිෂන් සභාව සිටිය ද ඒ සියල්ලට ඉහළින් ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛ බවත් පවතින තත්ත්වය හේතුවෙන් එළඹෙන අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව ඔහු මෙහිදී පැවසුවේය.

මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීමේ බලය තමන්ට තිබුණ ද එය නිශ්චිතව පැවසිය නොහැකි නමුත්, මැතිවරණය කළමනාකරණය කිරීමේ හැකියාව තමන්ට පවතින බවද වැඩිදුරටත් අවධාරණය කළේය.


Post a Comment

0 Comments