to-add

IND SAT 2020 විභාගය මැයි මාසයේදී පැවැත්වේ


IND SAT 2020 විභාගය ශ්‍රී ලාංකික සිසුන්ගේ යහපත උදෙසා 2020 මැයි මස 16 වන දින ප.ව. 2.00 සිට ප.ව. 3.30 දක්වා පැවැත්වෙන බව කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනු ලබයි. විභාගය සඳහා අයැදුම් කළ හැකි අවසාන දිනය 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.

මෙම විභාගය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන අතර අයැදුම්කරුවන්ට තම නිවසේ සිට විභාගය ලිවිය හැකිය. විභාගයේදී ලබා ගන්නා ලකුණු සලකා බැලෙන්නේ ශිෂ්‍යත්වයන් පිළිබඳව තීරණය කිරීමට වන අතර 'Study in India' වැඩසටහන යටතේ ප්‍රවේශය ලබා දීමට නොවේ.

අවශ්‍ය තොරතුරු www.studyinindia.gov.in වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. අයදුම්කරුවන් අවසාන දිනය වන 2020 අප්‍රේල් 30 වන දිනට පෙර අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතුය

Post a Comment

0 Comments