to-add

චීනය සංවර්ධනයේ නව පියවරක් තබයි

14 වැනි පස් අවුරුදු සැළසුම් සමය, චීනය සමාජවාදී නවීකරණ රටක ලෙසට සම්පූර්ණයෙන් ම පත් කිරීමේ ගමනාන්තය වෙත පිටත් වන පළමු අවුරුදු පහයි.ඉන් චීනයේ සංවර්ධනය අලුත් අදියරකට ප්‍රවේශ වනු ඇතැයි සඳහන් කෙරෙනවා. අධි ගුණාත්මකභාවය, නිර්මාණශීලිත්වය තහවුරු කිරීම, ජන ජීවිත ඉහළ නැංවීම, සුරක්ෂිතභාවය තහවුරු කිරීම චීන සංවර්ධනය පිළිබඳ මූලපද බවට පත් වෙනවා. 14 වැනි පස් අවුරුදු සැළසුම් සමයේ ආරම්භය මේ වසරේ දී සිදු වෙනවා.

ගෙවී ගිය පස් අවුරුදු කාල පරිච්ඡේද සමස්ථයක් වශයෙන් සසඳා බැලීමේදී, 14 වැනි පස් අවුරුදු සැළසුම් කාලයේ චීනය සුබ සෙත සමාජය සම්පූර්ණයෙන් ම බිහි කිරීම ඉටු කර ගත හැකි වෙතැයි චීන රාජ්‍ය මණ්ඩලයේ උපදේශක කාර්යාලයේ විශේෂ පර්යේෂක යෝ ජින්ග් යුවාන් පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් 14 වැනි පස් අවුරුදු සැළසුම් කාලයේ චීන ආර්ථික සංවර්ධනයේ අධි ගුණත්මකභාවය මෙන්ම තිරසර බව හා විධිමත් බව කෙරෙහි ද වැඩි අවධානය යොමු කිරීම සිදු වෙනවා.

13 වැනි පස් අවුරුදු සැළසුම් කාලය තුළ චීන ආර්ථිකය අධි හා මධ්‍යම වේග‍වත් සංවර්ධනයක් පවත්වා ගෙන යාම සඳහා ඉලක්ක කෙරුණා. එහෙත් 14 වැනි පස් අවුරුදු සමයේ, ආර්ථික කටයුතු අධි ‍වේගයේ සිට අධි ගුණාත්මකභාවය වෙත පරිවර්තනය කෙරෙනු ඇතැයි යෝ ජින්ග් යුවාන් මහතා අවධාරණය කළා. එම සමයේ දේශීය මහ චක්‍ර ප්‍රධාන කර ගෙන, දෙස් විදෙස් ද්විත්ව චක්‍ර අන්‍යෝන්‍ය වශයෙන් යහපත් වන අලුත් සංවර්ධන පද්ධතියක් බිහි කිරිමට චීනය දායක වන බව හෙතෙම පැවසුවා.


Post a Comment

0 Comments